Photography
ඡායාරූපකරණ අදහස් (Part 1)
ඡායාරූපකරණය එහෙමත් නැතිනම් Photography වර්තමානයේ වැඩි වශයෙන් කතා වන මාතෘකාවක් විදිහට සළකන්න පුළුවන්. විශේෂයෙන් තරුණ තරුණියන් මෙම කේෂත්‍රයට වැඩි වශයෙන් නැඹුරු වන ආකාරක් ද අප හට දැක ගැනීමට පුළුවන්. ඉතින් ලිපි කිහිපයකින් සමන්විත මෙම මාතෘකාව යටතේ පළමු මාතෘකාව ලෙස ඡායාරූපකරණ අදහස් 50 ක් ඔන්න අපෙන්. හැබැයි දැනට ක්‍රම 5 ක් විතරයි.
ඔබ ඡායාරූප ශිල්පයට ආධුනිකද, එකම අදහස් පටලයක සිර වෙලාද? නව අදහස් නැතුව පසුතැවෙනවද? ඡායාරූපවල නිර්මාණාත්මකභාවය ඉහළ නැංවීමට නව ක්‍රම අත්හදා බලනවද? එසේනම් මේ ඔබ වෙනුවෙන්ම සැකසුණු ලිපියකි. ඔබ හිතුවද ඔබට ඡායාරූපකරණය කළ හැකි ක්‍රම 50 ක් තියේ කියල. ක්‍රම 50 ක් ඉතින් ඔන්න ඔබට ක්‍රම 50 ක් භාවිතයෙන් ඔබේ නිර්මාණාත්මක හැකියාව විදහ දක්වන්න පුළුවන්. ඔන්න එහෙනම් ඒ ක්‍රම 50 න් මුලින්ම අපි ක්‍රම 5 පමණක් අධ්‍යනය කරල ඉමු.
1. Reflections ( පරාවර්තන )
Reflection ඡායාරූපකරණය ඉතාමත් නිර්මාණශිලි ඇසකින් බලා කැමරා කාචයේ සටහන් කර ගනු ලබන සුන්දර ඡායාරූප ක්‍රමයකි. මෙහිදි සිදු වන්නේ ප්‍රතිරූපයන්ට අලංකාර ගැඹුරක් සහ ව්‍යුහයක් ඡායාරූපයට පරාවර්තනය යෙදීමෙන් එක් කිරීමයි. මෙහිදි දර්ශණ අසාමාන්‍ය දෙයක් බවට පත් කිරීමට හැකිය. මෙහිදි සිදු වන්නේ සාමාන්‍ය භූ දර්ශන සහ නගර දර්ශන අසාමාන්‍ය දෙයක් බවට පත් කිරීමයි. ඒ වගේම මෙහිදි පුළුල් කාචයක් භාවිතා කිරීම අනිවාර්ය වනු ලැබේ. මන්දයත් පුළුල් කාචයක් භාවිතා කර පුළුල් දෘශ්ඨි කෝණයක් ග්‍රහණය කර ගැනීමට පුළුවන් වීමයි.
ඉතින් මෙම ඡායාරූපකරණයේදි යම් දර්ශණයක කලාත්මක දෝංකාරය ඇති කිරීම සදහා පරාවර්තන පෘෂ්ඨයක් භාවිතා කිරීම හේතුවෙන් මෙම ඡායාරූප පරාවර්තන ඡායාරූප ලෙස හදුන්වනු ලැබේ. ඉතින් මෙහිදි වතුර වලවල්, සාගර, විල්, පොකුණු ආදිය උපයෝගි කර ගනිමින් මෙම ඡායාරූපකරණය සිදු කරනු ලැබේ.
අපොයි දැන් පරාවර්තන ඡායාරූපකරණයට වතුරම ඕනෙද? නැහැ වතුරම ඕනෙ නැහැ. මෙහිදි ලෝහ, ටයිල්, දර්පණ වැනි අඩු සාම්ප්‍රදායික සම්පත් සහ දිලිසෙන මතු පිටක් සහිත ඕනෑම දෙයක් මෙම ඡායාරූපකරණයට ඇතුළත් කළ හැකිය.
ඉතින් ඔන්න අපි පහත දීල තියෙනව පරාවර්තන ඡයාරූපකරණය ප්‍රගුණ කිරීමට අවශ්‍ය උපදෙස් කිහිපයක්.
1. පරාවර්තන ඡායාරූප හොදින් අධ්‍යනය කරන්න.
2. නිවැරදි ස්ථාන තෝරා ගන්න.
3. සූර්යා ලෝකය ලැබෙන ආකාරය සහ සූර්යා ගමන් කරන ආකාරය අධ්‍යනය කරන්න.
4. ඔබ හොද ස්ථානයක් සොයා ගත් පසු විවිධ කෝණ වලින් බැලීමට හොදම ප්‍රවේශය සොයා ගැනීමට කාලය ගත කරන්න.
5. කැමරා කරනය සදහා ගෙන යන උපකරණ පිළිබදව සැළකිමත් වන්න.
- DSLR Camera
- Wide Angle Lens
- Tripod
- Shutter Release Cable
- Camera bag
- Cell Phone
(මෙය සෑම අවස්ථාවකම මතක තබා ගත යුතුය. )
මොකද? මේ phone එක ගෙනියන්න කියන්නේ. මෙයට හේතුව , ඔබේ cell phone එක smart camera හොද phone එකක්නම් හදිස්සියේ හෝ Camera එකෙහි දෝශයක් ඇති වුවහොත් ආදේශනයක් ලෙස Phone එක භාවිතා කිරීමට හැකි වීමයි.
6. ඔබේ කැමරා සැකසුම් ප්‍රගුණ කරන්න
7. සංයුතිය සහ සංස්කරණය පිළිබදව අවධානය යොමු කිරීම.
මෙහිදි සංයුතිය සහ සංස්කරණය යන කොටස ඉතාමත් වැදගත් වනු ලබන කොටසකි.
2. Look For Shadows
මෙය නාට්‍යය, අභිරහස් සහ හැගීම් එක් කිරීමට හොද ක්‍රමයකි මෙම සෙවනැලි ඡායාරූපකරණය ( Look For Shadows ). විෂය නොපෙන්වා සෙවනැල්ල තනිවම හුදකලා කළහොත් රූපයට නිර්නාමික බවක් එක් කිරීමටද හැකිය. මේ අනුව ඔබට ඕනෑම විෂයකට සෙවනැලි භාවිතා කළ හැකිය.
අපිට ඉහත ආකාරයට වස්තුව සගවා නිර්නාමිකව සෙවනැල්ල පමණක් පෙන්වා දීමට හැකිය. ඉතින් අපි තව ටිකක් මෙම සෙවනැලි ඡායාරූපකරණය පිළිබදව විමසා බලමු.
ඔන්න එහෙනම් කට්ටිය සුදානම්ද ඔබේ ඡායාරූපකරණයේදි සෙවනැලි සමග වැඩ කිරීමට.
ඡායාරූපකරණයේදි ආලෝකය යනු ඉතාමත් වැදගත් වූ දෙයකි. ඡායාරූපශිල්පීන් වශයෙන් අප ආලෝකය කෙරෙහි වැඩි ආවධානයක් යොමු කළ යුතුය. සරලවම ඡායාරූපකරණයේ පදනම ආලෝකයයි. ඉතින් අපි මේ දැන් කතා කරන සෙවනැලි ඡායාරූපකරණයේදි ආලෝකය සුවිශේෂි වනු ලබනවා. ඉතින් මෙතනදි මතක තබා ගත යුතු තවත් කරුණක් වනු ලබන්නේ ප්‍රතිරූපයක් සෑදීමට හෝ ප්‍රතිරූපයක් බිද දැමීමට බොහෝ විට ආලෝකකරණය හේතු වන බවය. ආලෝකය සමග වැඩ කිරීමට මනා පුහුණුවක් සහ පලපුරුද්දක් තිබේනම් එය විශ්මය ජනක ඡායාරූප ගැනීමට ඉවහල් වනු ලැබේ. ඉතින් මෙහිදි ආලෝකය සහ අදුර යන පරස්පර මූලද්‍රව්‍ය සමග වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබදව නිසියාකාරව හැදෑරීම හරහා ඔබට ඡායාරූපකරණයේදි සැබවින්ම විශ්මය ජනක ප්‍රතිබිම්බ ලබා ගත හැකිය. මෙහිදි අප ආලෝකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබන අතර අන්ධකාරය සහ ආලෝකය නොමැතිකම බොහෝ විට නොසළකා හරිනු ලැබේ. එසේනම් අපි සෙවනැලි භාවිතා කළ හැකි විවිධ ක්‍රම කිහිපයක් පිළිබදව විමසා බලමු.
⧫ ප්‍රතිවිරෝධනය එකතු කරන්න ( Add Contrast )
ඉතින් ඔන්න අපි සෙවනැලි භාවිතා කළ හැකි විවිධ ක්‍රම යටතේ පළමු ක්‍රමය ගෙන හැර දක්වන්නයි සුදානම. මෙහිදි මතක තබා ගත යුතු කරුණක් වනු ලබන්නේ රූපය සහ සෙවනැල්ල ඉස්මතු කරන ආකාරයයි. මෙහිදි ඔබ කළු සුදු ඡායාරූප සකසනවානම් මෙම ක්‍රමය ඉතාමත් වැදගත් වනු ලැබේ. මන්දයත් සෙවනැල්ල යනු රූපයකට වෙනස් නාදයක් එකතු කිරීමකි. මෙහිදි ආලෝකය, සෙවනැල්ල මෙන්ම පිහිටීමද වැදගත් වනු ලැබේ.





Comments
Post a Comment