බ්‍රා වර්ග ගැන දැන ගනිමු
බ්‍රා කියල කියන්නේ ස්ත්‍රී පාර්ශවය වැඩි වශයෙන් භාවිතා කරනු ලබන ඇදුම් විලාසිතාවකි. විලාසිතාවක් , ඔබ බලනව ඇති මෙය කොහොමද විලාසිතාවක් වෙන්නේ කියල වර්තමානය වන විට බ්‍රා එක ප්‍රධාන පෙලේ විලාසිතාවක් බව නොරහසකි. පියවුරු වල සුන්දරත්වය මෙන්ම කාන්තා ශරීරයේ සරාගි පෙනුම ඉස්මතු කිරීමටද මෙම තන පටය නොහොත් බ්‍රා එක මහගු කාර්යක් ඉටු කරනු ලබයි. පොදුවේ බ්‍රා යන යෙදුම අප භාවිතා කරද බ්‍රා වර්ග රාශියක් අපට දැක බලා ගත හැකිය. එහෙනම් අපි බලමු ඒ මොනවද කියල.
Padded Bra
මෙහි නමෙන්ම ඔබට මෙම බ්‍රා එක පිළිබද වැටහීමක් ලැබෙන්න ඇති. නමේ අර්ථය සේම මෙම බ්‍රා සෑදි තිබෙනු ලබන්නේ පෑඩ් කප් වලිනි. ඒ වගේම පෑඩ් ඇතුළු කිරීමට සාක්කුද මෙහි ඇත. මෙම බ්‍රෙසියර් යට නිරීක්ඹණයේදි අපට දැක ගත හැකි වනු ලබන්නේ වයර් සහ වයර් නොවන මෝස්තර දෙකෙන්ම නිර්මාණය කර ඇති බවය. මෙම බ්‍රෙසියර් වලින් ඔබේ පියවුරු වලට වටකුරු සහ සම්පූර්ණ හැඩයක් ලබා දෙනු ලැබේ.
Push Up Bra
පියවුරු අසමමිතික හැඩයෙන් මුදවා ඒකාකාර පෙනුමක් ලබා දෙන බ්‍රා එකක් ලෙසට මෙය හදුනවා දිය හැකිය. මෙහි තිබෙන පැඩින් මගින් පපුව මැද හැඩගස්වා සුන්දර සරාගි පෙනුමක් කාන්තා ඔබට ලබා දෙනු ලැබේ.
Non Padded Bra
කාන්තා ඔබේ පියවුරු වල ස්වභාවික හැඩය ඉස්මතු කිරීමට සුදුසු බ්‍රා වර්ගයකි මෙය. මෙය ඉතාම නම්‍යශීලී බ්‍රා වර්ගයකි. ඒ වගේම සුවපහසු බවෙන්ද ඉහළ අගයක් ගනි.
T - Shirt Bra
කාන්තා ඔබ වැඩි වශයෙන් අපහසුතාවට පත් වනු ලබන ගැටළුවක් වනු ලබන්නේ යට ඇදුම් දාර කැපී පෙනීමයි. විශේෂයෙන් ටී - ෂර්ට් සදහා නිර්මාණය කර ඇති මෙම බ්‍රා එකේ දාර පිටතට නොපෙනීම ඔබට වඩාත් සුවදායි වනවා නොඅනු මානය.
Maternity Bra
කිරි දෙන මවු වරුන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති බ්‍රා වර්ගය තරුණියන් අතරද විලාසිතාවක් ලෙසට ව්‍යාප්ත වී ඇත. මෙහි විශේෂත්වය වනු ලබන්නේ තන පුඩුව විවෘත වන ලෙසට කප් එක ඉවත් කිරීමට මෙය නිර්මාණය කර තිබීමයි.
Strapless Bra
වර්තමානය වන විට තරුණියන් අතර වැඩි වශයෙන් ජනප්‍රිය බ්‍රා වර්ගයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. උරහිස් පටි නොමැති ඇදුම් සදහා වඩාත් උචිත මෙම ඇදුම තරුණියන්ට මෙන්ම කාන්තාවන්ටත් සුන්දර සරාගි පෙනුමක් ලබා දීමට ඉවහල් වනු ලැබේ.
Balconette Bra
බැල්කොනෙට් බ්‍රා ගැන කතා කරද්දි පෙනී යනු ලබන කරුණක් වනු ලබන්නේ මෙහි පුල් කප් විලාසිතාවට වඩා අඩු ආවරණයක් තිබෙන බවය. සුන්දර සරාගි පෙනුමක් ලබා දෙන ලෙස නිර්මාණය කර ඇත.
මෙම වර්ග වලට අමතරව ඔබේ සුන්දරත්වය මෙන්ම පියවුරු වල සුන්දරත්වය වැඩි කර ගැනීමට භාවිතා කළ හැකි බ්‍රා වර්ග කිහිපයක් පහතින් දත්වා ඇත.
- T-Shirt Bra.
- Full-cup Bra
- Underwired Bra
- Push-up Bra
- Balconette Bra
......................................................................End.......................................................................












Comments
Post a Comment