සන්නිවේදනය යනු කුමක්ද ?
සන්නිවේදනය යනු තොරතුරු හුවමාරුවයි. මානව හා සමාජ ක්‍රියාවලිය තුල මෙය මෙය මූලික ලක්ෂණයකි. wilbur schramm පෙන්වා දෙන ආකාරයට පොළොව මත ගෙවුණු ඉතා දිගු ඉතිහාසය එක් දිනක් ලෙස අප කළ කල්පනා කළ හොත් සන්නිවේදනය පැවැත්ම ඇතිවූයේ ඊයේ මැදියම් රෑට නිමේශෂයකට පෙරදීය. සන්නිවේදනය යනු කිසිම් සම්බන්ධතාවක් මත රඳා පවතීන දෙයකි. සන්නිවේදනයට අදාල මූල මූලධර්ම පහක් පෙන්වා දිය හැකිය. එනම්,
1 . සන්නිවේදනය නොකර කිසිවෙකුට සිටිය නොහැක
2. සෑම අන්තර් ක්‍රියාවක්ම ප්‍රභේද වලින් සමන්විතය.
3. සන්නිවේදනය යනු අඛණ්ඩ ක්‍රියාවලියකි.
4. වාචික මෙන්ම අවාචික සංකේත ඇත.
5. විවිධ අන්තර්ක්‍රියා වලින් සමන්විතය.
සන්නිවේදන යනු සමාජයේ පැවැත්මට බෙහෙවින් ඉවහල් වන දෙයකි. මෙය අයහපත් වූවොත් පැවැත්මට තර්ජන එල්ල විය හැකි ය. පුද්ගල සමාජානුයෝජනයේදී සමාජ ඉටු කරනු ලබන්නේ ඉතාමත් වැදගත් භූමිකාවකි. එහිදී වර්නධය කරගන්නා හැසිරීම් රටා දෙකක් අපට දැක ගන්න පුළුවන්.
1.පුද්ගලයාගේ අවශ්‍යතා සම්පූර්ණ කරන හැසිරීම්
2. පුද්ගලයා අයත් වන සමාජය විසින් යහපත් යැයි සම්මත හැසිරීම්
මහාචාර්ය හැරල් ඩී ලැස්වෙල් සමාජ සන්නිවේදනය හා සම්බන්ධ කරුණු තුනක් දක්වනවා.
1.පරිසරය ගැන පරීක්ෂාවෙන් සිටීම
2.විවිධ වූ සඳහා සමග සම්මුතියකට එළඹීම
3.සමාජානුයෝජනය
Comments
Post a Comment