පළමු කොටස
පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හැඳින්වීම.
පරිගණකයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැදගත්ම මෘදුකාංග මෙහෙයුම් පද්ධතියයි. පරිශීලකයා සහ දෘඩාංග අතර සම්බන්ධතාව පවත්වාගෙන යාම සඳහා අතුරුමුහුණතක් ලබාදීම මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන කාර්යය වේ. මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකයේ පවතින ක්‍රියාවලිය පාලනය කිරීම සිදුකරනු ලබයි. මෙහෙයුම් පද්ධතියක අරමුණු ලෙස,
1. පහසුකම් ලබාදීම.
මෙහෙයුම් පද්ධතියක මූලිකම අරමුණ වන්නේ පරිශීලකයාට පහසුවෙන් පරිගණකය හැසිරීම්ට අවශ්‍ය පහසුකම් ලබා දීමයි.
2. කාර්යක්ෂමතාවය
පරිගණකයක පවත්නා සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව භාවිතා කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් මෙහෙයුම් පද්ධතිය විසින් සලසා දෙනු ලැබේ.
මෙහෙයුම් පද්ධතියේ පරිණාමය
අවස්ථා කිහිපයක් යටතේ පරිගණකයේ භාවිතා වන මෙහෙයුම් පද්ධතිය විකාශනය වී ඇත. අතීතයේ මෙන් නොව වර්තමානයේ දී පරිගණක දැනුමක් නොමැති වූ පුද්ගලයෙකුට පවා පරිගණකය පහසුවෙන් භාවිතා කිරීමට හැකි වන ආකාරයට මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කර තිබේ. මෙහෙයුම් පද්ධතිය විකාශනය පහත ආකාරයට දැක්වේ.
1.මෙහෙයුම් පද්ධතියක් භාවිතා නොවීම 1940 - 1950
මුල්ම පරිගණක යන්ත්‍රය සඳහා මෙහෙයුම් පද්ධතියක් භාවිතා කර නොමැත. වර්තමානයේ පරිගණකක මෙහෙයුම් පද්ධතියක් විසින් සිදුකරනු ලබන කාර්යයන් ද මුල් කාලයේ දී පරිගණක හා සම්බන්ධ කටයුතු කරනු ලබන පරිගණක වැඩසටහන්කරැ විසින්ම සිදු කරල තිබේ. මෙය ඉතාමත් අපහසු ක්‍රමයකි. මෙය කාලය අපතේ යාමකි. මෙම කාර්යයන් ලෙස,
1.සකස් කරන ලද පරිගණක වැඩසටහන් ප්‍රධාන මතකයට ඇතුළත් කිරීම ඇතුලත් කරන ලද පරිගණක වැඩසටහන් පරිවර්තක වැඩ වැඩසටහන මගින් යන්ත්‍රයට තේරුම් ගත හැකි යන්ත්‍ර භාෂාව ට පරිවර්තනය කිරීම
2.දෘඩාංග හැසිරවීම්
සරල කාණ්ඩ සැකසුම
මෙසේ මෙහෙයුම් පද්ධතියක් නොමැති වීම තුලින් පරිශීලක විසින් සියලුම කාර්යයන් සිදු කිරීමට යාමේදී සකසනයේ කාලය විශාල වශයෙන් අපතේ යාමක් සිදුවිය. මෙයට පිළියමක් ලෙස පරිශීලක විසින් සිදු කරනු ලබන ඇතැම් කාර්ය ස්වයංක්‍රීය සිදු කිරීම සඳහා මුලින්ම හඳුන්වා දෙන ලද මෙහෙයුම් පද්ධති වර්ගය සරල කාණ්ඩ සැකසුම ලෙස නම් කරන ලදි.
බහු වැඩසටහන් කාණ්ඩ සැකසුම්
සරල කාණ්ඩ සැකසුම් මෙහෙයුම් පද්ධතිවල වලදී සකසනයේ කාලය අපතේ යාමක් සිදුවිය. එබැවින් එම දුර්වලතාවය මඟ හරවා ගැනීමට බහු වැඩසටහන් කාණ්ඩ සැකසුම් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන ලදි. බහු වැඩ වැඩසටහන් කාණ්ඩ සැකසුම් ක්‍රියාත්මක වූ ආකාරය පහත ආකාරයට දැක්වීමට පුළුවන.
1. ප්‍රධාන මතකය කොටස් වලට වෙන් කරමින් වැඩසටහන් කිහිපයක් එකම අවස්ථාවක දී මතකය තුල තැන්පත් කර තබා ගැනීම
2.ක්‍රියාත්මක වෙමින් පවත්නා වැඩ වැඩසටහනක් ආදාන හෝ ප්‍රතිදාන ක්‍රියාවලියකට යොමු වන විට සකසනය එම වැඩ වැඩසසටහන නිදහස් වන අවස්ථාවේදී මතකයට ඇතුලත් කර ඇති අනෙක් වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
කාලය බෙදා ගැනීමේ මෙහෙයුම් පද්ධති
පරිශීලක දායකත්වය වැඩි කරගනිමින් කාර්යක්ශමව සකසනයේ කාලය වැඩසටහන් කිහිපයක් වෙත යොමු කර ගැනීම සඳහා මෙම ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම මෙහෙයුම් පද්ධතිය තුළින් සකසනයේ කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබුණි. එයට හේතුව වනු ලබන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය තුළ දී ප්‍රධාන මතකයේ වැඩසටහන් කිහිපයක් තැන්පත් කර තබාගෙන සෑම වැඩසටහනක් සඳහා ම සමාන කාලයක් සකසනය වෙත යොමු වී ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබුණි. වර්තමානයේ ද අප භාවිතා කරනු ලබන බොහෝ මෙහෙයුම් පද්ධති කාලය බෙදා ගැනීමේ ක්‍රම ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක වේ.
පරිගණක මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යය
මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් වනුයේ පරිගණක මෘදුකාංග සහ දෘඩාංග කළමනාකරණය කර පරිශීලකයින්ට භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් එනම් අතුරුමුහුණතක් සලසාදීම.
මෙහෙයුම් පද්ධතියක කාර්යයන්
මෙහෙයුම් පද්ධතියක් පරිගණකය අභ්‍යන්තරය සිට සිදුකරන කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදා දැක්වීමට පුළුවන. ඒවා නම්,
1. ක්‍රියායන කළමනාකරණය
2.මතක කළමනාකරණය
3.උපාංග කළමනාකරණය
4.ගොනු කළමනාකරණය
5.ආරක්ෂක කළමනාකරණය
ඉහත සඳහන් කාර්යයන් මෙහහෙයුම් පද්ධතිය මගින් සිදුවන ප්‍රධාන කාර්යයක් ලෙස දැක්වීමට පුළුවන.
පරිගණක අතුරු අතුරුමු මුහුණත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපට දකින්න පුළුවන්. ඒවා නම්,
1.විධාන පේළි අතුරු මුහුණත්
2.චිත්‍රක පරිශීලක අතුරුමුහුණත්
විධාන පේළි අතුර මුහුණ ලෙස හඳුන්වනු ලබන්නේ මුල් යුගයේ භාවිත වූ මෙහෙයුම් පද්ධතිය වල දී භාවිතා වූ අතුරු මුහුණත්ය. මෙහිදී මූසිකය භාවිතා නොවූ අතර. මෙහිදී තිරය මත අවශ්‍ය කරන උපදෙස් හා විධාන නිවැරදි ආකාරයෙන් ඇතුළත් කළ යුතුය. විධාන පේළි අතුරු මුහුණතේ දී ඇති වූ ගැටලු නිරාකරණය කිරීම සඳහා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත හඳුන්වා දෙන ලදී. මෙහිදී විධාන මතක තබා ගැනීම අවශ්‍ය නොවන අතර රූපක චිත්‍රක භාවිතය ඉතා සරලව පරිගණක හැසිරීම්ට ඉඩ සලසා දී ඇත .
මෙහෙයුම් පද්ධතියක් කොටස් කිහිපයකට වර්ගීකරණය කරනු ලැබේ.
1.ඒක පරිශීලක - ඒක කාර්යය
2.ඒක පරිශීලක - බහු කාර්යය
3.බහු පරිශීලක - බහු කාර්යය
4.බහු සම්බන්ධක මෙහෙයුම් පද්ධති
5 .තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධති
Comments
Post a Comment