තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප 

දත්ත තොරතුරු බවට පත්කරලීමේ ක්‍රියාවලිය අංශ කිහිපයකට බෙදා හදුන්වනු ලැබේ. එම පියවර දත්ත සැකසීමේ ජීවන චක්‍රය ලෙස හැදින්වේ.

1. දත්ත ඒකරාශි කිරීම
2. පිළයෙළ කිරීම
3. දත්ත ආදානය
4. දත්ත සැකසීම
5. ප්‍රතිදානය
6. ගබඩා කිරීම

 


 

 
දත්ත යනු කුමක් ද?

තීන්දු වලට හෝ නිගමන වලට යොමු වීමට නොහැකි දෑ දත්ත ලෙස හදුන්වනු ලැබේ.
දත්ත කොටස් දෙකකට වෙන් කර දක්වනු ලැබේ.
    • ප්‍රමාණාත්මක දත්ත 
    • ගුණාත්මක දත්ත 
1. ප්‍රමාණාත්මක දත්ත යනු :
            
                  ප්‍රමාණාත්මක දත්ත යනු සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්තයි. මෙම දත්ත පහත දැක්වෙන ලක්ෂණ වලින් සමන්විත වනු ලැබේ.

  • සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි වීම.
  • අංක ගණිතමය ක්‍රියාවලියකට භාවිතා කළ හැකි වීම.
  • සංඛ්‍යාත්මකව අනුපිළිවෙළකට ඉදිරිපත් කළ හැකි වීම.
  • සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැකිය.
2. ගුණාත්මක දත්ත යනු :

                ප්‍රමාණාත්මක ලෙස ඉදිරිපත් කළ නොහැකි දත්ත ගුණාත්මක දත්ත ලෙස හදුන්වනු ලබයි.
 ex: පාට, ශබ්ද , හැඩ , රසය වැනි දෑ.

දත්ත වල ස්වභාවය :

  1. රැස්කර ගබඩා කර තබා ගැනීමට පුළුවන.
  2. එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගෙනයාමට පුළුවන.
  3. සැකසීමේ හැකියාව පවති.
තොරතුරු යනු කුමක් ද?

දත්ත ගෙන අර්ථයක් ගෙන දෙන පරිදි ක්‍රමාණුකූලව සකස් කළ විට තොරතුරු නිර්මාණය වනු ලැබේ. 

 දෙවන කොටසෙන් හමු වෙමු 

Comments