MYSQL A/L උසස් පෙළ ICT

 

MYSQL Part 1

අද අපි කතා කරනු ලබන්නේ A/L වල ICT හදාරන සිසු සිසුවියන්ට අත්‍යවශ්‍යම පාඩමක් වන MYSQL නැමති භාෂාව පිළිබදවයි.



MySQL යනු (2008 සංඛ්‍යා ලේඛන වලට අනුව) ලොව වැඩිම වශයෙන් භාවිතා කරනු ලබන නිදහස් සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතිය (RDBMS)) මෙය වේ. දත්ත සමුදායන් විශාල සංඛ්‍යාවකට පරිශීලකයන් කිහිපයකට වුවත් සම්බන්ධ විය හැකි server එකක් ලෙස මෙය ක්‍රියා කිරීම මෙහි විශේෂත්වයයි.

මෙහි සම-නිර්මාතෘ වූ මයිකල් විඩෙනියස් ගේ දියණියගේ නමට අනුව මෙය සකසා ඇත. ඒ අනුව My යන්නත් Structured Query Language යන්න සඳහා SQL යන්නත් භාවිතා කරමින් මෙය MySQL ලෙස නම් කර ඇත.

මෙය 1970 දී IBM සමාගම විසින් SQL භාෂාව හදුන්වා දෙන ලදි. SQL හි ඇති පහසුකම් පහත පරිදිය.
  1. දත්ත ඇතුළත් කිරීමට හැකි වීම.
  2. දත්ත ගොනුවේ ඇති දත්ත විමසීමට හැකි වීම.
  3. දත්ත ඇතුල් කළ පසු ඉවත් කිරීම සහ සංසෝධනය කිරීම හැකි වීම.
  4. දත්ත ගබඩා කිරීම සදහා දත්ත ගොනු සහ වගු නිර්මාණය කළ හැකි වීම.

SQL වර්ගීකරණය 

අපට SQL භාෂාවේ කේත වර්ග දෙකක් යටතේ දැක්වීමට හැකිය.

1. ව්‍යුහගත විමසුම් බස ( Data Definition Language - DDL )
2. දත්ත හැසුරුම් බස (Data Manipulating Language - DML )

QL භාෂාව පිළිබදව සැකසුණු PDF හි පළමු කොටස පහත දැක්වෙන Link එකෙන් Download කිරීමට හැකිය.

                                          PDF Free Download

Comments